බෙන් ඇෆ්ලොක් සුපිරි විවාහය ලාස් වේගාස්වල
ජනප්රිය හොලිවුඩ් සිනමා නළු බෙන් ඇෆ්ලොක් මීට දින කිහිපයකට පෙර ඇමෙරිකාවේ ලාස් වේගාස් හි ඩ්රයිව් - චැපල් නිවාඩු නිකේතනයේදී සිය විවාහය සිදු කරනු ලැබිය. ඒ වසර විස්සක් සිය පෙම්වතියව සිටි සුපිරි පොප් ගායිකා ජෙනිෆර් ලොෆේස් සමගින්ය.
බෙන් හා ජෙනිෆර් පසුගිය මාස කිහිපයේදී ලෝකයේම වඩාත් අවධානය දිනාගත් පෙම්වතුන් යුවළ බවට පත්ව සිටි අතර, ලාස් වේගාස්හි පැවැති සිය විවාහයට ඉතා අඩු පිරිසකට ආරාධන කර තිබුණ බව සඳහන් වෙයි. විවාහය සිදුවීමත් සමග ඔවුන් "ආදරය සුන්දරයි. ආදරය කරුණාවන්තයි. ආදරය ඉවසිලිවන්තයි. අවුරුදු විස්සක් ඉවසිලිවන්තයි" යනුවෙන් කෙටි සටහනක්ද සමගින් සමාජ පිටු හරහා සිය මංගල ඡායාරූපයක්ද සහිතව තම විවාහය ප්රසිද්ධ කර තිබුණි.