බොක්ස් ඔෆිස් ඇවිලූ ’ස්පයිඩර් මෑන්’ හොලිවුඩය දේශීය සිනමා මංගල්‍යයක් කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"Spider-Man: No Way Home" සිනමා පටය පෙරේදා (19) දිනය නිමාවන විට සති අන්තයේ දී එක්සත් ජනපද සහ කැනේඩියානු සිනමා ශාලාවල ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ඩොලර් මිලියන 253ක ආදායමක් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිනමා පටය මේ වනවිටත් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ප්‍රදර්ශනය කෙරෙන අතර, ගෝලීය වසංගත තත්ත්වයක් තුළ දි වුවත්, සිනමා ආදායම් වාර්තා අභිබවා යමින් තෙවන විශාලතම දේශීය සිනමා මංගල්‍යය ලෙසින් හොලිවුඩ් ඉතිහාසයට ද එක් වුණා.

අදාළ සිනමා පටය බෙදාහරින Sony Corp සමාගමේ ඇස්තමේන්තුවලට අනුව ලොව පුරා "Spider-Man: No Way Home" සිනමා පටය මගින් උපයන ලද සති අන්ත ඩොලර් ආදායම මිලියන 587.2ක් වන අතර, එතුළින් ලද අමතර ආදායම ද ඩොලර් මිලියන 334.2ක් බවයි වාර්තා වන්නේ.

වසංගතය අතරතුර සෙනඟ ආකර්ෂණය කර ගැනීමට අරගල කළ AMC එන්ටර්ටේන්මන්ට් (AMC.N), Cinemark (CNK.N) සහ Cineworld (CINE.L) වැනි සිනමා සමාගම්වලට මෙම බ්ලොක්බාස්ටර් ප්‍රතිලාභය සැබවින්ම හොලිවුඩ් සිනමා ක්ෂේත්‍ර්යට මහඟු ජීවයක් ඇති කර තිබෙන බවයි සිනමා විචාරකයින් පෙන්වා දෙන්නේ.

සෝනි සහ වෝල්ට් ඩිස්නි සමාගම (DIS.N) සම-නිෂ්පාදනය කරන ලද මෙම සිනමා පටය රසිකයින් ප්‍රේක්ෂකාගාර වෙත රඳවා ගන්නට තරම් විශිෂ්ට නිර්මාණයක් වී තිබෙනවා.

කෙසේවෙතත් ඔමික්‍රොන් නව වෛරස් ප්‍රභේදය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමත් සමග බ්‍රෝඩ්වේ සහ නිව්යෝර්ක් නගරයේ රොකට් සංදර්ශන සහ ජාතික පාපන්දු ලීගය ක්‍රීඩා ද කල් දැමූ බැවින් සිනමා ශාලා හිමිකරුවන් පසුවූයේ දැඩි පීඩාකාරී මානසිකත්වයකින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ඊට හේතුව සියලුම විනෝදාස්වාද ක්‍රියාකාරකම් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව කල් දැමීම හේතුවෙන් සිනමා ශාලා ද එලෙස වසා දමනු ඇතැයි සිනමා ශාලා හිමිකරුවන් විශ්වාස කළ බව ද එම විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

කෙසේවෙතත් මෙලෙස වසංගත තත්ත්වයක් තුළ දී වුවත් ඉහළ ආදායමක් උපයා ගැනීමට සිනමා කර්මාන්තයට යුරෝපය තුළ හැකිවීම ම මේ වනවිට හොලොවුඩ් ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට තුඩු දී තිබෙනවා.

මෙම චිත්‍රපටයේ "මාර්වල්ගේ"(Marvel) චරිතය "වෙබ්-ස්ලින්ගින්ග් සුපර්හීරෝ" (web-slinging superhero) ලෙස "ටොම් හොලෑන්ඩ්" (Tom Holland) රංගනයෙන් දායක වන අතර, ස්පයිඩර් මෑන් ත්‍රිත්වයේ තුන්වන චිත්‍රපටයේ "සෙන්දයා"(Zendaya) ඔහුගේ පෙම්වතිය (MJ) ලෙස සිය රංගනයෙන් දායක වනවා.

එය පෙර "ස්පයිඩර් මෑන්" චිත්‍රපටවල තරු නැවත කරළියට රැගෙන ඒමක්.

වසංගත අභියෝග මැද සිනමා නාට්‍ය කලාවේ අසමසම සංස්කෘතික බලපෑම යළි තහවුරු කරමින්, Spider-Man: No Way Home" සිනමා පටය පෙර ප්‍රදර්ශනය වූ "Avengers - Endgame", "Avengers- Infinity War",Star Wars සහ"The Force Awakens"යන ලෝක ප්‍රසිද්ධ විශිෂ්ට සිනමා පට අභිබවා යමින් ඉදිරියට පැමිණ ඇති බවයි චිත්‍රපට නිෂ්පාදන සමාගමේ (Sony Pictures Entertainment's Motion Picture Group) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි " ටොම් රොත්මෑන්"(Tom Rothman) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඇමරිකානු එක්සත් ජනපදයේ සහ කැනේඩියානු ප්‍රවේශපත්‍ර අලෙවිය මෙම චිත්‍රපටිය සම්බන්ධයෙන් පසුගිය සති අන්තය පුරා ශුභවාදී අදහස් ගලා ඒමට ප්‍රේක්ෂකයින්ගෙන් ඉඩහසර වෙන් කිරීමම මෙම චිත්‍රපටියේ සාර්ථක්තවයට ද හේතු වී ඇති බවයි හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.