පළමු ‘ස්පයිඩර් මෑන්’ පෙම්වතිය විවාහ වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පළමු ‘මේරි ජේන්’ ලෙස සිනමා ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් සුරූපි ක්‍රිස්ටීන් ඩන්ස්ට් මීට දින කිහිපයකට පෙර විවාහ වූ පුවතක් වාර්තා වෙයි. ඇය විවාහ වූයේ 2016 වසරේ සිට ක්‍රිස්ටින්ගේ සහකරුවා ලෙස කටයුතු කළ සිනම නළු ජෙසි පැලිමෝන්ස් සමගය.

34 වැනි වියෙහි පසුවන ක්‍රිස්ටින් 40 වැනි වියෙහි පසුවන ජෙසි සමගින් 2018 වසරේ ජනවාරියේදී විවාහ ගිවිසගත් බවටද තොරතුරු වාර්තා වි තිබුණි. මේ වනවිට එක් දරු මාපියන්ද වන ඔවුන් දෙදෙනා පසුගිය සති අන්තයේදි ජැමෙයිකාවේ ඔචෝ රියෝස් අසල ඇති සුඛෝපබෝගි නිවාඩු නිකේතනයේදී සිය විවාහ සිදු කරගෙන ඇත.