පළමු වතාවට ඔස්කා සම්මානයකට නිර්දේශ වූ ක්‍රිස්ටියන්
මුල්ම ‘ස්පයිඩර් මෑන්’ චිත්‍රපට ත්‍රිත්වය හරහා ලෝකයේම ආදර දිනාගත් ක්‍රිස්ටියන් ඩන්ස්ටන් මෙවර ඔස්කා සම්මාන උළලේදී හොඳම සහය නිළියට හිමි සම්මානය සඳහා මේ වනවිට නිර්දේශ වි ඇත. ඇය මෙසේ ඔස්කා සම්මානයක් සඳහා නිර්දේශ වූයේ පළමු වතාව වීම විශේෂත්වයකි.
ක්‍රිස්ටියන් මෙසේ මෙම සම්මානයට නිර්දේශ වී ඇත්තේ ‘ද ෆවර් ඔෆ් ද ඩොග්’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසාය. ක්‍රිස්ටියන් සිය විවාහයත් පළමු දරු ප්‍රසුතියත් හේතුවෙන් පසුගිය වසර හයක කාලයක් තුළ සිනමාවෙන් ඈත්ව සිටි අතර, ඉන් පසුව රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටයෙන්ම මෙම සම්මානයට නිර්දේශ වීම කැපි පෙනෙන සිදුවිමකි.