පිළිකාවක් නිසා සැත්කමක් කළ සල්මාන්ගේ හිතවතා මහේෂ් සුව අතට
චිත්‍රපට නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක් මෙන්ම නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කරන මහේෂ් මංජේකාර් මීට දින කිහිපයකට පෙර මුත්‍රාශයේ ඇතිවූ ලේ පිළිකාවක් නිසා සැත්කමකට භාජනය කොට ඇත. මහේෂ් මේ වනවිට 63 වැනි වියෙහි පසුවෙයි.
සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන්ගේ සමිපතම හිතවතෙකු වන මහේෂ් ඔහු සමග චිත්‍රපට කිහිපයක්ම නිර්මාණ කරන්නට දායකවද තිබුණී. අවසන් වරට නිර්මාණය වූ ‘ඩබාන්ග්’ තුන්වැන්නේ සල්මන් ඛාන් සමගින් රඟපෑ සජි මංජේකාර්, මහේෂ්ගේ වැඩිමහල් දියණියද වෙයි.