පාසල් ලිංගික අධ්‍යාපනය ගැන රකුල්ගේ අදහස
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි රකුල් ප්රිත් සිං අවසන් වරට අපිට දකින්නට ලැබුණේ අයේෂ්මන් කූරාණා සමග රංගනයෙන් දායක වූ ඩොකටර් ජි චිත්‍රපටයේය. එහි ඇය නාරිදේහ වෛද්‍ය සිසුවියක් ලෙස රංගනයෙන් දායක විය. රකුල් මෑතකදී එක්වූ සම්මුඛ සාකච්ඡාවකදි පවසා තිබුණේ චිත්‍රපට ප්රචාරක කටයුතු සඳහා පාසල් කිහිපයකට ගිය අවස්ථාවේදී තමන් ලැජ්ජා සහගත අවස්ථා කිහිපයකට මුහුණ දුන් බවය.
එනම් ලිංගික අධ්‍යාපනය ගැන ප්‍රශ්න කිහිපයක් තමන් පාසල් සිසුවියන්ගෙන් විමසු අතර ඔවුන් සිනහා මුසු මුහුණින් එය බැහැර කළ බව රකුල් පවසා ඇත. ඇය පවසන්නේ මෙය පාසල් දරුවන්ට නිසි ලෙස ලිංගික අධ්‍යාපනය ලැබි නොමැති වීම අතුරු ප්‍රතිඵලයක් බවයි. එමෙන්ම රකුල් මෙහිදි පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය අනිවාර්යය කළ යුතු බවද පවසා ඇත.