‘පුෂ්පා’ නිසා රශ්මිකා කාර්යබහුලයි
තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වන ‘මිෂන් මංජු’ බොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන රශ්මිකා මන්දනා මේ වනවිට රූපගත කිරිම් කටයුතු නිසාවෙන් කාර්යබහුලව සිටින බව වාර්තා වෙයි.
දැනට ඉන්දීය රුපියල් කෝටි 200කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත් ‘පුෂ්පා’ චිත්‍රපටයේ දෙවැන්නෙහි රූපගත කිරිම් නිසවෙන් මෙසේ රශ්මිකා කාර්යබහුලව වී ඇත. ‘පුෂ්පා’ පළමු චිත්‍රපටය ලද සාර්ථකත්වය නිසාවෙන් රශ්මිකා මෙහි දෙවැන්නට එක්වීමට ඉහළ මිලක් අය කර ඇති බවද දැන ගැනීමට ලැබේ.