පෝල් වෝකර්ගේ දියණියට පියෙක් වූ වින් ඩිසල්
රිය අනතුරකින් ජිවිතක්ෂයට පත් වූ හොලිවුඩ් සුපිරි නළු පෝල් වෝකර්ගේ දියණිය මිඩෝ වෝකර් ඇගේ දිගුකාලීන පෙම්වතා වූ ලුවී තෝටන් සමග මීට දින කිහිපයකට පෙර විවාහය විය. මිඩෝගේ විවාහයේ සියලු වැඩ කටයුතු සිදු කෙරුණේ පෝල් වෝකර්ගේ අතිජාති මිතුරා වූ වින් ඩිසල් අතිනි.
මිඩෝගේ විවාහ දිනයේ සිය පියාගේ කාර්ය ඩිසල් අතින් සිදු වු අතර, ඇය විවාහ වූ දේවස්තානයේ අල්තාරය දක්වාද පියෙකු සේ කැටුව ගෙන ගොස් ඇත්තේද වින් ඩිසල් බව සඳහන් වෙයි. ඩිසල් හා පෝල් දෙදෙනාගේ මිතුදම ඇරඹුනේ ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්රපට මාලව ආරම්භ විමත් සමගය.