ප්රියාමනිගේ විවාහය නිතී විරෝධිද
දමිල, කන්නඩ, තෙළෙඟූ, මලයාලම් හා හින්දි චිත්රපට සියයකට අධික ප්රමාණයක් සඳහා රංගනයෙන් දායක වී ඇති ප්රියාමනිට මේ වනවිට චේදනා රැසක් එල්ල වී තිබෙන බව වාර්තා වෙයි. 2017 වසරේ මුස්තාපා රාජ් සමගින් විවාහ වූ ප්රියාමනිට මේ වනවිට එල්ල වි ඇති චෝදනාව වන්නේ ඔවුන්ගේ විවාහය නිති විරෝධි එකක් විම බවය.
එයට හේතුව වී ඇත්තේ මුස්තාපා කලින් අයේෂා නම් කාන්තාවක් විවාහ කර ගෙන සිටිමත් ඇය සිටියදී තවත් අයෙකු සමගින් මුස්තාපා විවාහ විමත් යන කාරණය මතය. මෙම චෝදනාව ගොනු කර ඇත්තේද මෙම අයේෂා නම් කාන්තාව වීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, ප්රියාමානි මෙම චෝදනාව ප්රතික්ෂේප කර ඇති බවත්, ඇමෙරිකවේ සේවය කරන සිය සැමියා නැවත පැමිණි පසුව මෙයට ප්රති උත්තර ලබාදීමට ඇය කටයුතු කරන බවත් සඳහන් වන්නීය.