ප්‍රියංකාගේ පදනමට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3ක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රියංකා චොප්රා හා ඇගේ සැමියා වූ නික් ජෝනාස් දෙදෙනා එකතුව ආරම්භ කළ ‘කොවිඩ්’ අරමුදලට මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3ක මුදලක් එකතු වී තිබෙන බව සඳහන් වෙයි. එය ඉන්දීය රුපියල් වලින් කෝටි 8කට ආසන්න මුදලකි.

ඔවුන්ගේ පදනම හරහා පසුගිය මාස කිහිපයේදීම රෝහල්වලට අවශ්‍ය අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග ඔක්සිජන් සාන්ද්‍රන මෙන්ම අසරණ ඉන්දීය ජනතාවට ආහාර සලාකද ලබා දෙන්නට කටයුතු කර තිබුණි. ප්‍රියංකා මෑතකදී සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා තම පදනමට ආධාර ලබාදුන සැමට සිය තුති එක් කරන්නට කටයුතු කර තිබුණි.