ප්‍රභාස්ගේ ‘රාධේ ශාම්’ මාසේකින් කල් ගිහින්
‘බාහුබලි’ චිත්‍රපට හරහා අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගත් සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු ප්‍රභාස් රංගනයෙන් දායක වෙන නවතම චිත්‍රපටය වන්නේ ‘රාධේ ශ්‍යාම්’ පසුගිය ජනවාරි 14 වැනිදා නිකුත් කරන්නට නියමිතව තිබුණි.
කෙසේ වෙතත්, මේ වනවිට එම චිත්‍රපටය මසකින් කල් දමා එළැඹෙන පෙබරවාරි 14 වැනිදා ආදරවන්තයින්ගේ දිනයේදී එළිදැක්වීමට සූදානම් කර තිබෙන බව සඳහන් වෙයි. මෙම චිත්‍රපටයේ ඔහු සමගි පූජා හෙඩ්න්ග් රංගනයෙන් දායක වෙයි. එදිනම ශීවකාර්තියන්ගේ ‘ඩොන්’ හා විජේ සේතුපතිගේ ‘කාතු වාකල් රෙන්ඩු කාදල්’ චිත්‍රපටය තිරගත විමට නියමිතව ඇත.