පැරණි චිත්‍රපට දෙකක දෙවැන්න සඳහා සූදානම් වන අජේ දේව්ගන්
බොලිවුඩ් සිනමා නළු අජේ දේව්ගන් මේ දිනවල ‘දර්ශියාම්’ දෙවැන්නේ රූපගත කිරිම් කටයුතුවලට සම්බන්ධව සිටින බවට තොරතුරු ලැබේ. එමෙන්ම නවතම තොරතුරුවලට අනුව අජේ තවත් ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපටයක දෙවැන්න සඳහා මේ දිනවල සූදානම් වෙන බවය.
ඒ 2018 වසරේ ඔහු රංගනයෙන් දායක වූ ‘Raid’ චිත්‍රපටයේ දෙවැන්න සඳහාය. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ‘Raid’ පළමුවැන්න අධ්‍යක්ෂණය කළ රාජ්කුමාර් ගුප්තාය. අජේ පවසන්නේ ‘Raid’ නිෂ්පාදක කුමාර් මන්ගට් පතාක් සමගින් කළ සාකච්ඡාවකින් පසුව මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් එළැඹෙන දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිත බවය.