පියයුරු පිළිකාවකින් පීඩා විඳින ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළිය
ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපෑ මහිමා චෞද්‍රරි මේ වනවිට පියයුරු පිළිකාවකට ගොදුරුව සිටින බවට තොරතුරු ලැබේ. කළ වෛද්‍ය පරික්ෂණවලදී හෙළිව ඇත්තේ මහිමා මේ වනවිට පිළිකා රෝගයේ මුල් අවදියේ සිටින බවය.
එම නිසා ඇයගේ තත්ත්වය ඉදිරියේ යහපත් වනු ඇති බවට වෛද්‍යවරු නිගමනය කර තිබේ. පසුගියදා ඇය විසින් සිය හිස කෙස් කපාගත් ඡායාරූප කිහිපයක්ම සමාජ මාධ්‍යයට මුදාහැර තිබුණි. මහිමාට පෙර මනිෂා කොයිරාල, සොනලි බෙන්ද්‍රේ යන නිළියන්ද මෙම තත්ත්වයට මුහුණ දී ඇත.