පැපරාසි නිසා කෝපයට පත් බෙන් ඇෆ්ලොක්
සිය බිරිඳ පොප් ගායිකා ජෙනිෆර් ලොෆේස් සමගින් මේ වනවිට තම මධුසමය ගෙවා දැමීමට ප්‍රංශයේ පැරිස් නගරයට ගොස් සිටින බෙන් ඇෆ්ලොක් පැපරාසි මාධ්‍යවේදීයෙකු සමගින් බහින් බස් වූ සිදුවීමක් වාර්තා වෙයි.
ඔහු පවසන්නේ ජනප්‍රිය තරුවල පෞද්ගලිකත්වය පැපරාසින් විසින් ආක්‍රමණය කිරිම විශාල වරදක් බවය. තමන් හා තම බිරිඳ ජෙනිෆර් ලොෆේස්ගේ රහසිගත ඡායාරූප ගෙන ඒවා පළ කිරිම දැඩි ලෙස හෙළ දකින බව ඔහු කියයි. මීට පෙරද අවස්ථා කිහිපයකදීම තමන් මෙවැනි ගැටළුකාරි ප්‍රශ්නවලට මුහුණ දුන් පවසන බෙන් මීන් ඉදිරියට මෙවැනි සිදුවිම් වලදී තමන් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට බලාපොරොත්තු සියින බව පවසා ඇත.