පාපන්දු ලෝක කුසලානය නරඹන්නට අමිර් කටාර් ගිහින්
මේ දිනවල කටාර් දේශයේ පැවැත්වෙන ෆිපා පාපන්දු ලෝක කුසලානය නරඹන්නට සුපිරි බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන් හා ඔහුගේ දික්කසාද බිරිඳ කිරන් රාඕ හා ඔවුන් දෙදෙනාගේ පුත් අසාද් ගොස් ඇතැයි වාර්තා වෙයි.
කෙසේ වෙතත්, මෙය අමිර් නිල වශයෙන් සඳහන් කර නොතිබුණ අතර, පාපන්දු තරගයක් අතරතුරදී ක්‍රීඩාලෝලීයෙකු විසින් ගත් සෙල්ෆි ඡායාරූපයක අමිර් හා ඔහුගේ පුත් අසාද් දකින්නට ලැබීම හේතුවෙන් මේ බව සනාථ වී ඇත.
ක්‍රීඩාලෝලීයා විසින් මෙම ඡායරූපය පළ කරද්දි සඳහන් කර තිබුණේ අමිර්, ලයනල් මෙසිට විශාල කැමැත්තක් දක්වන්නෙකු බවය. මන්දයත් අමිර්ගේ පුත් අසාද් මෙම තරග නරඹන්නට ආජන්ටිනා ක්‍රීඩා නිල ඇඳුමකින් සැරසි සිටිම එයට හේතුව බව ඔහු වැඩිදුරටත් සිය සටහන තුළ සඳහන් කර තිබුණි.