පොප් ගායිකා මිලි සයිරස්ගේ මව නැවතත් විවාහ වෙයි.
මිලි සයිරස්ගේ මව ටිෂ් සයිරස් කැලිෆෝනියාවේ මැලිබුහිදී නැවත වරක් විවාහ වී ඇත. ඇය මෙසේ විවාහ වී ඇත්තේ නළු ඩොමිනික් පර්සෙල් සමගය. මෙහිදි ටිෂ්ගේ දෙවැනි මනාලිය ලෙස පෙනී සිට ඇත්තේ ඇමෙරිකානු පොප් ගායිකා මිලි සයිරස් බව සඳහන් වෙයි.
මේ වනවිට ඇය දෙවැනි මනාලියක් ලෙස හැඩවූ ඡායාරූප කිහිපයක්ම අන්තර්ජාලයට මුදාහැර තිබෙනු දක්නට ඇත. විවාහ වන විට මිලිගේ මව ටිෂ් සයිරස්ගේ වයස අවුරුදු 53ක් වන අතර, මෙය ඇයගේ දෙවැනි විවාහය වීමද විශේෂත්වයක් වෙයි.