පොප් ගායිකා ටේලර් ස්විෆ්ට චිත්‍රපට අධ්‍යක්ෂණයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පොප් ගායිකාවක් ලෙස ලොව ප්‍රමුඛ පෙළේ සංගීත සම්මාන රැසක් දිනා සිටින යොවුන් ගායිකා ටේලර් ස්විෆ්ට ‘ඕල් ටූ වෙල්’ නමින් විනාඩි දහයක දිවයන කෙටි කතාවක් තමන් විසින් ලියා අධ්‍යක්ෂණය කර ඇත. එය තමන්ගේම ගීතයක් සඳහා බව ඇය පවසා තිබේ. ඒ ලැබුණ අත්දැකිම් සමගින් ටේලර් ස්විෆ්ට මේ වනවිට සැරසෙන්නේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට බව වාර්තා වෙයි.

විශේෂාංගයක් ලියා අධ්‍යක්ෂණය කිරීම ඉතා අපූරු දෙයක්. එය පරිමාණයෙන් විශාල යැයි මම දන්නේ නැහැ. ඇත්තෙන්ම කුඩා කණ්ඩායමක් සහ ශක්තිමත් පිරිසක් මා සමග වැඩ කළා. ඉතින් ඔවුන් එක්ක ලොකු වැඩකට අතගහන්න මම ඉදිරියේදී සූදානම් වෙනවා. බොහෝ විට එය සිනමා නිර්මාණයක් විය හැකියි යන්න ඇය මැතකදී එක්වූ සකාච්ඡාවකදි පවසා තිබුණි.