පැනමා පත්‍රිකා කිහිපයක් හේතුවෙන් අයිශ්වර්යාගෙන් ප්‍රශ්න කෙරේ
පැනමා පත්‍රිකා කිහිපයක් හොර රාහසේ ප්‍රසිද්ධ වීම හේතුවෙන් සුපිරි සිනමා නිළි අයිශ්වර්යාගෙන් දිල්ලි ආදායම් බදු නිලධාරින් විසින් පැය පහක් තිස්සේ රඳවා ගෙන ප්‍රශ්න කර ඇතැයි වාර්තා වෙයි. 2004 වසරේ අයිශ්වර්යා සතු ජාත්‍යන්තර බැංකු ගිණුමක තිබු විශාල මුදල් ප්‍රමාණයක් අයථා ලෙස පරිහරණය කිරිම නිසවෙන් මෙම ප්‍රශ්න කිරිම සිදු කරන්නට වූ බව සඳහන් වෙයි.
මීට පෙර 2016 වසරේදි අයිශ්වර්යාගේ මාමණ්ඩිය වූ අමිතාබ් බච්චන්ගේ නමද මිට ඈදා තිබුණ අතර, ඔහු තරයේ මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණි. ඔහු පවසා තිබුණේ තමන් ඉන්දියවේ පවතින නිති රිතිවලට අනුකූලය තමන් සතු විදෙස් මුදල් පරිහරණය කළ බවය.