පතාන් රඟපාන්න ෂාරුක් කෝටි සියයක් ගනියි
සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වෙන අලුත්ම චිත්රපටය පතාන් පසුගිය ජනවාරි 25 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා රටවල් රැසක ප්රදර්ශනය ආරම්භ විය. තිරගත වූ පළමු දිනයේදී ඉන්දීය රුපියල් කෝටි සියයක ආදායමක් උපයාගන්නට සමත් වූ මෙම චිත්රපටය මේ වනවිට සිය වියදම් වූ මුදල ඉක්මවා ආදායම් ලබන්නට සමත්ව ඇත.
වාර්තා වන අන්දමට ෂාරුක් මෙම චිත්රපටය රඟපෑම සඳහා ඉන්දීය රුපියල් කෝටි සියයක මුදලක් අය කරගෙන ඇති බවය. එමෙන්ම ඔහු සමගින් ප්රධාන චරිතය නිරූපණය කරන දිපීකා පදුකෝනි කෝටි 15ක්ද, ජෝන් ඒබ්රිහිම් කෝටි 20කට ආසන්න මුදලක්ද ලබා ගෙන ඇත. ඉන්දීය සිනමා නළුවෙක් චිත්රපට රංගනයක් සඳහා අය කරගත් ඉහළම මුදල ලෙස ෂාරුක් ලබාගත් මෙම රුපියල් කෝටි සියයක මුදල ඉතිහාසගත වෙයි.