පාඩුව පියවාගන්න විජේ සිය වැටුප පරිත්‍යාග කරයි
අගෝස්තු 25 වැනිදා බොලිවුඩයට සමගාමිව මුළුමහත් ඉන්දියාව පුරා භාෂා කිහිපයකින්ම ප්‍රදර්ශනය කළ ‘ලීගර්’ චිත්‍රපටය මේ වනවිට අසාර්ථක චිත්‍රපට ගොන්නට එකතු වි තිබේ. ඉන්දීය රුපියල් කෝටි 127ක වියදමකින් තැනුන මෙම චිත්‍රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 55ක ආදයමක් උපයා ගෙන තිබේ.
දැනට චිත්‍රපට නිෂ්පාදකයින් මෙම චිත්‍රපටයට තමන් යෙදු මුදල ඉල්ලා සිටින අතර, ඊට සහය පළ කරමින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ පුරි ජගන්නාද් හා චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණදුන් විජේ දේවර්කොන්ඩා තමන්ට මෙම චිත්‍රපටය හරහා ලැබීමට නියමිතව තිබු වැටුප් නිෂ්පාදකවරුන්ට යළි ලබා දෙන්නට කටයුතු කරන බව සඳහන් වෙයි.