පූජාගේ චිත්‍රපටයක් ලබන වසරේ මුල
මේ වනවිට දකුණු ඉන්දීය සිනමාවේ පමණක් නොව බොලිවුඩ් සිනමාවේද නිතර දකින්නියක් බවට පූජා හෙඩ්න්ග් පත්ව ඇත. ඇය හා සුපිරි ඉන්දිය සිනමා නළු ප්‍රභාස් රංගනයෙන් දායක වෙන චිත්‍රපටයක් ලබන වසරේ ජනවාරි 14 වැනිද ප්‍රදර්ශනය විමට නියමිතව ඇත.
ඒ රාධා ක්‍රිෂ්නන් කුමාර් විසින් අධ්‍යක්ෂණය කළ ‘රාධේශියම්’ චිත්‍රපටයයි. මෙය ලබන වසරේ බොලිවුඩයේ ප්‍රදර්ශනය වන පළමු චිත්‍රපටය විමද විශේෂත්වයකි. කෙසේ වෙතත්, පූජාගේ දමිල, කන්නඩ හා හින්දි චිත්‍රපට කිහිපයක්ම ඉදිරි මාසවලදී ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.