නවාසුද්දීන් ගේ දරුවන් ඩුබායිවලට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නවාසුද්දීන් සිද්දිකි ගේ දරුවන් වන ශෝරා සහ යානි ඔවුන්ගේ මව ආලියා සමඟ ඩුබායි හි පදිංචියට යාමට සූදානම්ව සිටිති. එයට හේතුව දරුවන් ඔන් ලයින් ඉගෙනුමට කැමැත්තක් නොදැක්වීම බැව් ආලියා කියන්නීය. 

“ඉන්දියාවේ කවදා ඉස්කෝල පටන් ගනියි ද කියලා කියන්න බෑ.. ඔන් ලයින් ඉගෙනුම පන්ති කාමරේක කරන ඉගෙනුම තරම් සාර්ථක නෑ.. ඇත්තටම කියනවා නම් දැන් මගේ දුවගෙයි පුතාගෙයි සිරුරු භාෂාව පවා වෙනස් වෙලා.. ඒ හින්දයි අපි දරුවන් ඩුබායිවල පාසැලකට ඇතුළත් කරන්න හිතුවේ.. මගෙ ඥාති දියණිය ඉන්නෙ ඩුබායිවල.. ඒ වගේම මට හොඳ සේවිකාවකුත් ඉන්නවා..

සැරින්සැරේ මට නවාස් වෙනුවෙන් ඉන්දියාවට එන්න වුණත් දරුවෝ දාලා එන එක ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයි..” ඇය කීවාය. 
ඔවුන් කොහොමත් අදහස් කරගෙන සිටියේ උසස් අධ්‍යාපනය සඳහා දරුවන් විදේශ රටකට යවන්නටය. එම නිසා දිගටම ඔවුන් ඩුබායිහිම නතර කරන්නටත් ඉඩ ඇති බැව් නවාසුද්දීන් සහ ආලියා කියති. 

අප්‍රේල් මාසයේදී ආලියාට කොවිඞ් රෝගය වැළඳිණි. ඇය ප්‍රතිකාර සඳහා රෝහල්ගතව සිටි කාලයේ ශෝරා දියණියත්, යානි පුතුත් සිටියේ කසාරාහි ඇති නවාස් ගේ ගොවිපොළේය. නැවතත් ඔවුන් සමඟ එකට සිටින්නට ලැබීම බලවත් සතුටක් බැව් ආලියා කීවාය.



More In Hot Story