නවතා දැමු ප්‍රේම සම්බන්ධය නැවතත් ඇරඹු ජාන්වි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිනමා නිළි ශ්‍රී දේවි හා චිත්‍රපට නිෂ්පාදක බොනි කපූර්ගේ වැඩිමහල් දියණිය ජාන්වි කපූර් නැවත වරක් සිය පැරණි ප්‍රේම සම්බන්ධය අලුත් කරගත් පුවතක් වාර්තා වෙයි. මීට මාස කිහිපයකට පෙර ජාන්වි ඇගේ හිටපු පෙම්වතා වූ ශිකර් පහාරියා සමගය.

ශිකර් යනු හිටපු මහා ඇමති සුෂිල්කුමාර් ෂින්ඩේගේ මුනුබුරාද වෙයි. වාර්තා වන අන්දමට මීට සති කිහිපයකට පෙර නැවත ජාන්වි හා ශිකර් දෙදෙනා කතා බස් කරමින් නැවත එකඟතාවයක් මත ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය ආරම්භ කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ පළමු හමුවීම සිදුව ඇත්තේ පසුගිය දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේදී. ඔවුන් දෙදෙනා එහිදි එකට පෙනි සිට ගත් ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍යයට මුදාහැර තිබේ.