නයන්තාරා ‘ලයන්’ චිත්‍රපටයෙන් ඉවත් වුණාද
ජනප්‍රිය දකුණු ඉන්දීය චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ ඇට්ලේ කුමාර්ගේ ‘ලයන්’ චිත්‍රපටයේ සුපිරි දකුණු ඉන්දීය සිනමා නිළි නයන්තරා ඉවත්ව ඇතැයි වාර්තා වෙයි. හේතුවක් වාර්තා නොවන නමුදු නයන්තාරා මෙහි ඉවත්ව ඇත්තේ පෞද්ගලික කාරණයක් මත බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, නයන්තරා සමගින් ‘ලයන්’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන ෂාරුක් ඛාන් මේ වනවිට සිය පුත් අර්යන් ඛාන් බන්ධනාගාර කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ලෙස කණසල්ලයට පත්ව තිබෙන අතර, ඔහු චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා එක්වීමට මේ වනවිට අකමැත්ත පළ කර තිබෙන බව සඳහන් වෙයි. බොහෝ විට නයන්තරා ඉවත් වීමට මෙම කරුණු කාරණා හේතුවන්නට ඇත්දැයි බෙහෝ දෙනෙකුට ප්‍රශ්නයක් මතුව තිබේ.