නමේ ’අන්තිම’ දරුවන්ට දුන් බොලිවුඩ් අම්මලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩයේ සහ ඉන්දියාවේ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ සිටින බොහෝ අය තම බැඳීම් ශක්තිමත් කරගෙන තම ඉලක්ක සපුරා ගැනීමට යන අතර එක් හේතුවක් හෝ හේතු ගණනාවක් නිසා ඔවුන්ගේ සබඳතා පළුදු වී එකිනෙකාගෙන් වෙන්ව තම තමන්ගේ මාර්ගවල ගමන් කරන නළු නිළියන්ද බොලිවුඩය තුළ ඉන්නවා. විවිධාකාර හේතූන් නිසා විවාහය දෙදරා ගිය එවැනි නිළියන් කිහිප දෙනකු ගැනයි අද ඔබට කියන්න සූදානම් වෙන්නේ. අද මේ කියන්න හදන නිළියන් ගැන ඔවුන්ගේ දරුවන්ද ආඩම්බරෙන් කතා කරනවා. දික්කසාදයෙන් පසු තම දරුවන්ට තම වාසගම ලබාදුන් බොලිවුඩ් සිනමාවේ මෙන්ම ටෙලිනාට්‍ය නිළියන් වූ තනිකඩ මව්වරුන් ගැනයි මේ කියන්න හදන්නේ.

• නීනා ගුප්තා

බොලිවුඩයේ තනිකඩ මවක් ගැන සඳහන් කරන සෑමවිටම, මෙම ලැයිස්තුවේ මුලින්ම නම සටහන් වෙන්නේ නීනා ගුප්තාගේ නමයි. නීනා ගුප්තා බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් කණ්ඩායමේ විවියන් රිචඩ්ස් සමඟ සබඳතාවයක් පැවැත් වූ අතර එයින් ඔවුන්ට මසාබා කියලා දියණියක් ඉන්නවා. නීනා විවියන්ගෙන් වෙන්වීමෙන් අනතුරුව නීනා තනිකඩ මවක් ලෙසින් ජීවත් වෙමින් තම දියණිය මසාබාව හොඳින් ඇති දැඩි කළා පමණක් නොව ඇය තම දියණියට ඇයගේ වාසගමත් ලබාදී තියෙනවා.

• මහීමා චෞද්රි

සුරෑපි නිළියක් වන මහීමා චෞද්රි බොලිවුඩයේ සිටින ආඩම්බරකාරී මවක් විදියටයි ප‍්‍රසිද්ධ. මහීමා චෞද්රි, බොබී චෞද්රි සමඟ විවාහව සිටි අතර ඔවුන්ට අර්යානා නමින් දියණියක් සිටිනවා. මහීමා තම සැමියා බොබීගෙන් වෙන් වූ පසුව තම වාසගම තම දියණියට ලබාදී තියෙනවා.

• නූස්හත් ඛාන්

ආමීර් ඛාන්ගේ ඥාති පුත‍්‍රයෙකු වන ඉම්රාන් ඛාන්ද තම නම සමඟ තම මවගේ වාසගම පාවිච්චි කරනවා. ඉම්රාන් ඛාන්ගේ මව වන අධ්‍යක්ෂක නූස්හත් ඛාන් විවාහ වුණේ අනිල් පාල් සමගයි. ඔවුන් දෙදෙනාගේ වෙන්වීමෙන් අනතුරුව නූස්හත් ඛාන් තම පුතණුවන්ගේ වාසගම ලෙසින් තම වාසගම පාවිච්චි කොට තියෙනවා.

• ඌර්වශී දෝලැක්කියා

කොමෝලිකා නමින් ගෙයක් ගෙයක් ගානේ ප‍්‍රසිද්ධ වූ රූපවාහීනී නිළියක් වන ඌර්වශී දෝලැක්කියා අවුරුදු 17ක් වෙද්දී නිවුන් පුතුන් දෙදෙනෙකුගේ මවක් බවට පත්වූ අතර ඇය දරුවන් ඉපදී වසර එකහමාරකක් ගතවෙද්දී තම සැමියාගෙන් දික්කසාද වුණා. ඌර්වශී නැවත විවාහ නොවූ අතර තනිකඩ මවක් ලෙසින් හිඳිමින් තම පුතුන් දෙදෙනා ඇති දැඩිකොට තියෙනවා. ඌර්වශී තම වාසගම වන දෝලැක්කියා තම පුතුන් වන සාගර්ට සහ ක්ෂිතිජ්ට ලබා දී තියෙනවා.

• ශ්වේතා තිවාරි

සුරෑපී සහ දක්ෂ නිළියක් වන ශ්වේතා තිවාරී දෙවතාවක් විවාහ වුවද අවාසනාවන්ත ලෙස ඒ විවාහයන් දෙකම අසාර්ථක විය. ඇය මුලින්ම විවාහ වූයේ රාජා චෞද්‍රී සමග වන අතර පලාක් කියන්නේ ඔවුන් දෙදෙනාගේ දියණියයි. දෙවැනි සැමියා වන අභිනව් කෝලි නිසා ශ්වේතාට ඇයගේ රෙයන්ස් පුතණුවන් ලැබුණු අතර තම සැමියන්ගෙන් දික්කසාදයෙන් අනතුරුව ශ්වේතා තම දියණියට සහ පුතණුවන්ට තම වාසගම ලබා දී තම දරුවන් ඇති දැඩි කරනවා.

චන්දන වරාවිටගේ