නත්තල සැමරීමට විජේ ඇතුළු පවුලේ සැම ලන්ඩනයට යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලබන වසරේ ජනවාරි 12 වැනිදා දකුණු ඉන්දීයාවට සමගාමිව මුළුමහත් ඉන්දියාව පුරාම ප්‍රදර්ශනය කරන්නට සැළසුම් කර ඇති තලපති විජේගේ ‘වරිසු’ චිත්‍රපටයේ අවසන් රූපගත කිරිම් කටයුතු හයිද්‍රබාද් නගරයේදී ලහි ලහියේ  මේ වනවිට  නිමා වෙමින් පවති.

මෙම චිත්‍රපටයේ ඇති ගීත අලලා නිකුත් කරන ඇල්බමය එළැඹෙන දෙසැම්බර් 23 හෝ 24 නිකුත් කරන්නට සැළසුම් කර තිබෙන අතර, ඉන් පසුව විජේ ඇතුළු පවුලේ සැම එංගලන්තයේ ලන්ඩන් නගරයට යාමට සූදානමින් සිටියි. ඒ මෙවර නත්තල සැමරීම සඳහාය. විජේ නැවතත් සිය චෙන්නායි නිවසට පැමිණිමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි මුල් සතියේදීය.