නැඟෙණිය නිසා අමාරුවේ වැටුණ සෝනු සෝඩ්
මේ දිනවල ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පැවැත්වෙන මැතිවරණයට තරග කරන සිනමා නළු සෝනු සෝඩ්ගේ නැඟෙණිය මල්විකාට උදව් කිරිම හේතුවෙන් පන්ජාබ් දිස්ත්‍රික්කයේ මෝගා දිස්ත්‍රික්ක ඡන්ද බලධාරින් විසින් ඔහුට අයත් මෝටර් රථයක් රාජසන්තක කර තිබෙන බව සඳහන් වෙයි.
මෝගා දිස්ත්‍රික් ඡන්ද කොමසාරිස් මාධ්‍යයට පවසා ඇත්තේ සෝනු සෝඩ්ට එරෙහිව මේ වනවිටත් නිතිමඟින් පියවර ගනිමින් සිටින බවය. ඔහු සිය නැඟෙණියගේ අංකය සහ පක්ෂ ලාංජනය සහිත මෝටර් රථයකින් ඡන්ද මධ්‍යස්ථානවල ආසන්නයේ රැඳී සිටිම සෝනුට එරෙහිව මෙසේ නිතිමය කටයුතු කිරිමට හේතුව වී තිබේ.