ධනුෂ්ට කෝටි 50ක වැටුපක්
ජනප්රිය දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් මෑත කාලයේ කොලිවුඩ් සිනමාවේ අති සාර්ථකම සිනමා නළුවෙකු බවට පත්ව සිටියි. ඔහු මෑත කාලයේ රංගනයෙන් දායක වෙන චිත්රපට කිහිපයක්ම ආදායම් උපය ගැනීම අතින් ඉහළ ලාභ ලබන්නටද විය.
මේ වනවිට ධනුෂ්ට අලුත් දකුණු ඉන්දීය චිත්රපටයක් සඳහා එක්විමට ආරධනා ලැබි තිබෙන අතර, ඒ ප්රකට සිනමාවේදියෙකු වු ශේකර් කම්වුලා විසින් අධ්යක්ෂණය කරන චිත්රපටයක් සඳහාය. හින්දි, දමිල, කන්නඩ හා තෙළෙඟු භාෂාවලින් නිර්මාණය වන මෙම චිත්රපටය සඳහා ධනුෂ්ට ඉන්දීය රුපියල් කේටි 50ක මුදලක් ගෙවීමටද ඔහු ධනුෂෟට එකඟ වී ඇති බව සඳහන් වෙයි.