ධනුෂ්ගේ හිටපු බිරිඳටත් කොවිඩ් අසාධනය වෙලා
මීට සති කිහිපයකට පෙර දික්කසාද වූ දකුණු ඉන්දීය සුපිරි නළු රජිණිකාන්ත්ගේ වැඩිමහල් දියණිය අයිශ්වර්යා මේ වනවිට කොවිඩ් රෝගය අසාධනය වී සුවය ලබමින් සිටින බව වාර්තා වෙයි. ඇය මේ වනවිට හයිද්රබාද් නගරයේ පිහිටි වෙස්ටන් හෝටලයේ නැවති සිටින බව සඳහන් වෙයි.
අයිශ්වර්යා පවසන්නේ කොවිඩ් රෝගය සුව වු වහාම තමන් ව්යාපාරික කාන්තාවක් ලෙස කටයුතු කරමින් ඉදිරියට පැමිණිමට අදහස් කරමින් සිටින බවය. එමෙන්ම තවත් නොබෝ දිනකින් ප්රදර්ශනය වීමට නියමිත ‘මුසාෆිර්’ චිත්රපටයේ සම නිෂ්පාදිකාව ලෙසද කටයුතු කරන්නේ ඇයයි.