ධනුෂ්ගේ අලුත්ම චිත්‍රපටය වාති ගැන කියන සම්යුක්තා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පෙබරවාරි 17 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කළ ධනුෂ්ගේ වාති චිත්‍රපටය දින කිහිපයක් ගෙවෙද්දීම ඉන්දීය රුපියල් කෝටි 50 සීමාව ඉක්මවා යන්නට සමත්ව ඇත. චිත්‍රපටයේ ධනුෂ් සමගින් ප්‍රධාන නිළි චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය මලයාලම් චිත්‍රපට රැසකම රංගනයෙන් දායක වූ සම්යුක්තා මෙනූන්ය.

සම්යුක්තා පවසන්නේ චිත්‍රපටයේ දිග හැරෙන කතාව දූෂිත අධ්‍යාපන ක්‍රමයට එරෙහිව සටන් කරන පාසලේ ගුරුවරුන්ට උපහාරයක් ලබා දෙනු ඇති බවය. එමෙන්ම ඉන්දීය පාලකයින්ද මේ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන්නට කටයුතු කරන ලෙසද ඇය චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලදී ප්‍රකාශද කර ඇත.