දුව අධ්‍යක්ෂණය කරන සලාම් චිත්‍රපටයේ රඟපාන රාජිණිකාන්ත්

  • 05-05-2023
  • Views 76

සුපිරි දකුණු ඉන්දීය සිනමා තරුව වූ රාජිණිකාන්ත්ගේ වැඩිමහල් දියණිය අයිශ්වර්යා රාජිණිකාන්ත් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිටියි. ක්‍රිකට් ක්‍රීඩාව පාදක කරගත් මෙම චිත්‍රපටයට ඇය විසින් නම තබා ඇත්තේ ලාල් සලාම් නමිනි.

අයිශ්වර්යා මීට දින කිහිපයකට පෙර සිය සමාජ පිටු අතරේ මෙම චිත්‍රපටයේ රූපගත කෙරෙන සිදුවීම් කිහිපයක් පාදක කරගත් ඡායාරූප කිහිපයක් බෙදාගෙන තිබුණි. කෙසේ වෙතත්, මීට දායක වෙන නළුනිළියන් තවමත් ඇය විසින් ප්‍රකාශයට පත්කර නොමැති අතර. රාජිණිකාන්ත් මෙහි ප්‍රධාන චරිතයක් රඟන බව පමණක් ඇය පවසා ඇත.