දිලිප් කුමාර් නැවතත් රෝහල් ගත කරයි
මීට දින කිහිපයකට පෙර පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය සිනමා නළු දිලිප් කුමාර් නැවත වතාවක් හුස්ම ගැනීමේ අපහසුවක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙන බව වාර්තා වෙයි. 98 වැනි වියෙහි පසුවන දිලිප් කුමාර් මෙවරද ඇතුළත් කර ඇත්තේ හින්දුජා රෝහලට බව වාර්තා වෙයි.
මෙවර වෛද්‍යවරුන්ගේ නිගමනය වී ඇත්තේ දිලිප් කුමාර්ට ‘කොවිඩ් 19’ රෝගය අසාධානය වී ඇති බවය. දිලිප්කුමාර්ගේ සමාජ පිටු හසුරවන ෆයිසාල් ෆාරුක් පවසන්නේ දිලිප්කුමාර් මේ වනවිට සුව අතට හැරෙමින් සිටින අතර, ඔහු ගැන අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසද ඔහු දිපික්කුමාර්ගේ සමාජ පිටු යවාත්කාලීන කර ඇත.