දුල්කිර් සල්මාන්ගේ තවත් චිත්රපටයක් බොක්ස් ඔෆිස් ලැයිස්තුවට
තෙළෙඟු සිනමාවේ ඉහළම ආදායමක් උපයාගත් චිත්රපටයක් බවට වර්තමානයේ පත්ව ඇති ‘සිතා රාමන්’ හි ප්රධාන චරිතයට පණ දුන් දුල්කිර් සල්මාන්ගේ අලුත් චිත්රපටයක් මේ දිනවල ප්රදර්ශනය වෙයි. ඒ ආර්. බල්කිගේ ‘චුෆ්’ චිත්රපටයයි.
මෙහි දුල්කිර් සමගින් සනි ඩියෙල්, පූජා භාත් රංගනයෙන් දායක වෙයි. පසුගිය සැප්තැම්බර් 23 වැනිදා ප්රදර්ශනය ආරම්භ වූ මෙම චිත්රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 12කි. චිත්රපටය සඳහා පමණක් ඉන්දීය රුපියල් කෝටි 10ක මුදලක් වැය වී තිබෙන බව සඳහන් වෙයි.