දරුවන් වෙනුවෙන් කැප වුණ යෂ්
දැන් ලොව පුරා ආදායම් වාර්තා බිඳ හෙළමින් ප්‍රදර්ශනය වන කේ ජී එෆ් 2 ප්‍රධාන නළුවා යෂ් සියලු දෙනාගේම අවධානය දිනාගෙන හමාරය. එහෙත් ගෙදරදී නම් ඔහු සිය දරුවන් දෙදෙනා වෙනුවෙන්ම කැප වුණ සාමාන්‍ය පියෙකු පමණකි. ආර්යා සහ යතාර්ව් වෙනුවෙන් ඔහු කොටියෙකු බවට පරිවර්තනය වී කල රංගනයක් සහිත වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වූයේය. ලොව පුරා කෝටි විස්සකටත් අධික ජනකායක් එය නරඹා තිබිණි.
“මම ලොකු වෘකයෙක්.. ඩයිනසෝර් කෙනෙක්..”
ඔහුගේ පුතු යතාර්ව් ඉතා සුරතල් ලෙස කියන අකාරය එම වීඩියෝවේ දැක්වෙයි.
“තාත්තයි ආර්යයි හොඳටම බය වුණා.. දැන් තාත්තා කොටියෙක් වෙනවා..” කියමින් යෂ් ගොරවන්නේය.
ඉන් බියපත් වුණ පුතු ඉවතට දිව යන අතර ආර්යා සහ යෂ් සිනාසෙති.
කේ ජී එෆ් 2 සමඟ මේ වන විට යෂ් සිටින්නේ ජනප්රීයත්වයේ ඉහළම හිණි පෙත්තේය. තමා ඒ තත්වයට ඔසවා තැබූ සිය ආදරණීය රසිකයන්ට තමා හදවතින්ම ස්තුතිවන්ත වෙන බැව් ඔහු කියයි.