දුර්ලභ රුධිර කාණ්ඩයක් තිබෙන බොලිවුඩ් සිනමා නළු රිතික් රෝෂන් ලේ දන් දෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය පෙබරවාරි 17 වැනිදාට යෙදි තිබුණ ලෝක කරුණා දිනයේදී සුපිරි බොලිවුඩ් සිනමා නළු රිතික් රෝෂන් සිය ලේ දන්දී තිබුණ බව වාර්තා වෙයි. ඔහු දුර්ලභ රුධිර කාණ්ඩයකට අයත් පුද්ගලයෙක් වන අතර එය ඉතා වැදගත් පරිත්‍යාගයක් බව වෛද්‍යවරුන් පවසා තිබුණි.

රිතික්ද සිය රුධිරය දන් දෙන අවස්ථාවේදි ගත් ඡායාරූපයක් සිය සමාජා මාධ්‍යයන්ට නිකුත් කර තිබුණ අතර, ඔහු ඊට මෙවැනි සටහන්ද තබා තිබුණි. රුධිරය පරිත්‍යාග කිරිම අතිශය වැදගත්. එය යමෙකුගේ ජිවිතය බේරා ගැනීමට තරම් ඉවහල් වෙන දෙයක්. ඒ නිසා සැම දෙනාම හැකි උපරිමයෙන් රුධිරය දන් දෙන්න.