දියණියකට උපත දීමට රිහානා සූදානම්
රිහානා සහ ඇයගේ පෙම්වතා වන රැප් ගායක ASAP Rocky ඔවුන්ගේ පළමු දරුවා අපේක්ෂාවෙන් සිටින බව පසුගියදා හෙළි කර තිබුණා. 33 හැවිරිදි රිහානා සිය සමාජ මාධ්‍ය ජාලාවල නානකාමරයක් තුළදී ගත් සිය ගර්භණී කුසෙහි ඡායාරූපයක් පළ කරමින් මේ බව ලොවට දැනුම් දී තිබුණා. ඒ වගේම ඇය ඇයගේ පෙම්වතා සමඟ සිටින ඡායාරූපයක්ද පළකර තිබුණා. ලොව පුරා රිහානාගේ රසික රසිකාවියන් මේ පිළිබඳව අවධානය යොමු කරමින් රිහානාට සුබ පතා තිබුණා.
රිහානා සහ රොකීගේ ප්‍රේම සම්බන්ධය ඇරඹුණේ 2020දීය. ඔවුන් දෙදෙනා මවුපියන් වීමේ සුන්දර අත්දැකීම විඳීමට නොඉවසිල්ලෙන් බලා සිටින බවද මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම තමා කළු කාන්තාවන්ගෙන් පැවත එන කළු කාන්තාවක් බවත්, තවත් කළු කාන්තාවකට තමා උපත ලබාදීමට තමා සූදානමින් සිටින බවත් රිහානා ප්‍රකාශ කර තිබුණා.