දිපීකා පදුකෝන් සුපිරි බැඩ්මින්ටන් චරිතයකට පණ පොවයි
2016 වසරේ බ්ර සිලියේ රියෝ නගරයේ පැවැති ඔලිම්පික් තරගවලියේදී කාන්තා ඒකල බැඩ්මින්ටන් අංශයේ රිදී පදක්කම දිනාගන්නට සමත් වූ ඉන්දීය ක්රීයඩිකා පී.වී. සින්දූගේ ජිවිත කතාව අලලා නිර්මාණය කිරිමට සූදානම් වන බොලිවුඩ්ට මේ වනවිට සුපිරි නිළි දිපීකා පදුකෝන් එකතු වී සිටින බව වාර්තා වෙයි.
මේ දිනවල සින්දු හා දිපීකා දිනකට පැය කිහිපයක් බැඩ්මින්ටන් ක්රීනඩාවේ යෙදෙන බවත් පසුගිය සති අන්තයේදි සිදු, දිපීකා හා ඇගේ සැමියා රන්විර් තිදෙනා මුම්බායිහි ප්රයසිද්ධ අවන්හලකදී රාත්රීි ආහාරය ගනිම්න් සිටි බවටද තොරතුරු වාර්තා වී තිබුණි. කෙසේ වෙතත්, මෙම චිත්රහපටය කවදා කෙදිනක වැඩ අරඹනවාද නැද්ද යන්න තොරතුරු තවමත් වාර්තා නොවේ.