දින තුනේ නිවාඩුවලට කැමති හංසිකා මොටවානි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය වසරේ දෙසැම්බර් හතරවැනිදා ජායිපූර් හි විවාහ වූ දකුණු ඉන්දීය සිනමා නිළි හංසිකා මොටවානි විවාහයෙන් පසුව දින කිහිපයක් ගෙවෙද්දිම නැවතත් සිය රූපගත කිරිම් කටයුතු සඳහා සහභාගි වූ බව වාර්තා වෙයි. ඇය පවසන්නේ තමන් දිගු නිවාඩුවලට වඩා කෙටි නිවාඩුවලට දැඩි කැමැත්තක් දක්වන බවය.

මීට දින කිහිපයකට පෙර ඇය තායිලන්තයේ චිත්‍රපට රූපගත කිරිම් කටයුත්තක් සඳහා සහභාගි වූ අතර, රූපගත කිරිම් නිමා වූ වහාම ඇය චිත්‍රපට කණ්ඩායම සමග තායිලන්තයේ ක්‍රාබි වෙත පිටත්වත් ගොස් තිබුණේ නිවාඩුවක් ගත කිරිම සඳහාය. එයද දින තුනක නිවාඩුවක් වි තිබුණ අතර, සිවුවැනි දිනයේදී ඇය තවත් චිත්‍රපට රූපගත කිරිම් කටයුත්තක් සඳහා නැවතත් ඉන්දියාවට පැමිණ තිබුණි.