දින කිහිපයකට පෙර මියගිය කේකේ වෙනුවෙන් කතා කරන සෝනු නිගම්
ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායක කේකේගේ හදිසි වියෝව පිළිබඳව බොහෝ දෙනෙකු අදටද කතා කරයි. එමෙන්ම ඔහු අවසන් වරට සහභාගි වූ ප්‍රසංගයේ විඩියෝ දර්ශන නිරන්තරයෙන් සමාජජාලා වල ප්‍රදර්ශනය වෙයි. කේකේගේ මරණය පිළිබඳව මේ වනවිට ජනප්‍රිය බොලිවුඩ් ගායක, ගායිකාවන් කිහිප දෙනෙකුගේම අවධානය යෙමුව පවතියයි.
ඉන් ප්‍රධාන වී ඇත්තේ සෝනු නිගම්ය. ඔහු සංගීත ප්‍රසංග සංවිධායකවරුන්ට කේකේගේ මරණය වෙනුවෙන් වගකිව යුතු බව පවසයි. එමෙන්ම මීට වඩා ප්‍රසංගවලට සහභාගි වෙන ගායක, ගායිකාවන්ගේ සුවපහසුව, ආරක්ෂාව ගැන සොයා බැලිය යුතු බවද සෝනු වැඩිදුරටත් පවසා ඇත.