දිගු විරාමයකට පසුව නැවතත් කලා නිර්මාණයකට දායක වූණ සෙලීන්
ගායිකාවක් ලෙස ඔස්කා සම්මාන දිනූ සෙලින් ඩියොන් පසුගිය කාලයේ හොලිවුඩයේ කිසිදු කලා නිර්මාණයක් තුළ දකින්නට නොලැබුණ තරුවකි. කෙසේ වෙතත්, හොලිවුඩ් සිනමාවට සම්බන්ධ එක්තරා වෙබ් අඩවියක් සඳහන් කර තිබුණේ ඇයව ලබන වසරේ හොලිවුඩ් චිත්රපටයකින් දැක ගැනීමට හැකි බවය.
මෙසේ සෙලින් ඩියොන් දකින්නට ලැබෙන්නේ It’s All Coming Back to Me චිත්රපටයෙනි. එය ලබන වසරේ පෙබරවාරි 10 වැනිදා ප්රදර්ශනය වීමට නියමිතව ඇත. සෙලින් සමගින් බොලිවුඩ් සිනමා නිළි ප්රියංකා චොප්රාද මෙහි පෙනි සිටින බව සඳහන් වෙයි.