දකුණු කොරියාවේදී රශ්මිකා මුණ ගැසුණ ආසියානු තරු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු කොරියාවේ පැවති විලාසිතා දැක්මක් සඳහා දකුණු ඉන්දීය සුරූපිණි රශ්මිකා මන්දනාට මීට දින කිහිපයකට ආරාධනා කර තිබුණි. ඒ සඳහා සහභාගි වූ ඇයට ආසියාවේ දැවැන්ත නළුවන් දෙදෙනෙකු මුණ ගැසුණි. ඒ දකුණු කොරියාවේ ජුන්ග් ඉල් වෝ හා තායි සිනමා තරුවක් වූ කනාවුට් දෙදෙනාය.

ජුන්ග් මෙන්ම කනාවුට් දෙදෙනා මේ වනවිට හොලිවුඩ් සිනමාවේද නිතර දකින්නට ලැබෙන රංගන ශිල්පින් දෙදෙනෙකු වන අතර, ඔවුන් දෙදෙනාගේ සුපිරි චිත්‍රපට කිහිපයක්ම මේ වසරේදී නිකුත් වීමටද නියමිතව ඇත. රශ්මිකා මොවුන් සමග ඡායාරූපයකටද පෙනි සිටි අතර, ඇය එය මේ වනවිට ඇයගේ සමාජ පිටු හරහා ප්‍රසිද්ධ කර ඇත්තේ අපි සියලු දෙනාම ආසියාතිකයින් ලෙස හඳුන්වමිනි.