‘ද ෆවර් ඔෆ් ද ඩොග්’ වැඩිම නිර්දේශයන් අතරට
ජේන් කැම්ෆියන් විසින් අධ්යක්ෂණය කළ ‘ද ෆවර් ඔෆ් ද ඩොග්’ චිත්රපටය මෙවර ඔස්කා සම්මාන උළලේදී වැඩිම සම්මාන ප්රමාණයක් සඳහා නිර්දේශ වී ඇත. ඒ සම්මාන 12ක් සඳහාය. නිර්දේශයන් අතර හොඳම චිත්රපටය, චිත්රපට අධ්යක්ෂවරයා, හොඳම නිළිය, හොඳම නළුවා යන ප්රධාන සම්මාන සෑම එකක් සඳහාම ‘ද ෆවර් ඔෆ් ඩොග්’ චිත්රපටය නිර්දේශ වී තිබිම කැපි පෙනෙන සිදුවීමක් විය.
මෙම චිත්රපටයට අමතරව වැඩිම සම්මනය ප්රමාණයක් සඳහා ‘ඩුනේ’ චිත්රපටය නිර්දේශ වී ඇති අතර, ඒ සම්මාන 10ක් සඳහාය. විල් ස්මිත් රඟපෑ ‘කිං රිචර්ඩ්’ සම්මාන 7ක් සඳහාත්, ඩැනියෙල් ක්රේජ් අවසන් වරට ජේම්ස් බොන්ඩ් ලෙස රඟපෑ ‘නෝ ටයිම් ටූ ඩයි’ චිත්රපටය සම්මාන ත්රිත්වයක් සඳහාත් නිර්දේශ වි ඇත.