තවමත් සැළසුම් කරන රාකේෂ්ගේ ක්‍රිෂ් සිවුවැන්න
කාලයක් තිස්සේ සැළසුම් පමණක් සිදු කරමින් සිටින රාකේෂ් රෝෂන්ගේ ‘ක්‍රිෂ්’ සිවුවැන්න පිළිබඳව නැවත වතාවක් කතිකාවක් මේ දිනවල සිදුවෙමින් පවතින බව සඳහන් වෙයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන රාකේෂ් රෝෂන් පවසන්නේ තම චිත්‍රපටය කොවිඩ් වසංගත තත්ත්වය පහව ගිය දිනක නිර්මාණය කරන බවය.
ඔහු මේ සම්බන්ධව වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙය ඉතා විශාල නිෂ්පාදන පිරිවැයක් දරා කරන චිත්‍රපටයක් හෙයින් වසංගත තත්ත්වය මැද මෙය නිර්මාණය කර අමාරු වැටෙන්නට තමාට නොහැකි බවද ඔහු පවසා ඇත.