තවත් සුපිරි විවාහ මංගල්‍යයක් දෙසැම්බරයේදී
කත්රිනා කයිෆ් හා විකී කෞශාල්ගේ විවාහය දෙසැම්බර් මාසයට දින නියම වීමත් සමග කත්රිනා කයිෆ්ගේ හිටපු පෙම්වතෙක් වූ රන්බිර් කපූර්ද සිය විවාහය දින නියම කර තිබෙන බව වාර්තා වෙයි. කාලයක සිට සුපිරි බොලිවුඩ් සිනමා නිළි ආලියා භාට් සමගින් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන රන්බිර් පසුගිය වසරේ මුල සිටම සිය විවාහය පැවැත්විමට සූදානම් වු අයෙකි.
කෙසේ වෙතත්, ‘කොවිඩ්’ වසංගත තත්ත්වය ඉන්දියාව පුරා දරුණු විමත් වසර ගණනාවක් පිළිකාවක් හේතුවෙන් පිඩා විඳි සිය පියාගේ හදිසි වියෝවත් නිසාවෙන් රන්බිර්ට තම විවාහය කල් දැමිමට හේතු විය.