තාරාගේ ප්‍රේම සම්බන්ධතාවයත් බිඳ වැටෙන ලකුණු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් තිස්සේ රන්බිර් කපූර්ගේ ඥාති සහෝදරයෙකු වූ ආඩර් ඛාන් සමගින් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන යොවුන් බොලිවුඩ් සිනමා නිළි තාරා සුතාරියා එම ප්‍රේම සම්බන්ධතාවය සුහදව නිමා කරන්නට සැළසුම් කරමින් සිටින බව සඳහන් වෙයි.

නිරන්තරයෙන්ම සමාජ පිටු හරහා ආඩර් ඛාන් හා තාරා සිටින ඡායාරූප ප්‍රසිද්ධ වෙන නමුදු ඔවුන් දෙදෙනා කිසිවිටෙකත් ප්‍රසිද්ධයේ තමන් පෙම්වතුන් බව ප්‍රකාශ නොකළේය. කෙසේ වෙතත්, මෑතකදී තාරා සිය සමාජ පිටු හරහා පවසා තිබුණේ තමන් ආඩර් ඛාන් සමගින් ඇති සම්බන්ධතා ඉතා සුහදව අවසන් කරන්නට සූදානමින් සිටින බවය.