තියුණු තරගයකින් අනතුරුව හොඳම ගායිකා ඔෂිස් වෙයි
මෙවර සම්මාන උළලේදී හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාවට හිමි සම්මානය සඳහා දැඩි තරගකාරිත්වයක් මතුව තිබුණී. ඔෂිස් කෞවුර්, නේහා කක්කර්, ප්‍රියා ශේරියාල්, ශ්‍රීයා ගෝෂාල් මෙම සම්මානයට නිර්දේශ වී සිටි අතර, ඔෂිස් හා ශ්‍රියා දෙදෙනා පමණක් අවස්ථා දෙකකදී මෙම සම්මානය සඳහා නිර්දේශ වි තිබිම කැපි පෙනුණි.
කෙසේ වෙතත්, තියුණු තරගයකින් අනතුරුව මෙම සම්මානයට හිමිකම් කීමට ඔෂිස් කෞවුර්ට හැකි විය. ඒ ‘ෂර්ෂා’ චිත්‍රපටයේ රාතාන් ලම්බේරියාන් ගීතය ගායනා කරමිනි. ඇය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී මෙම සම්මානයට හිමිකම් කී පළමු වතාව වීම විශේෂත්වයි.