තමන් අලලා පළවන තොරතුරු අසත්‍ය බව ආක්ෂේ කියයි
කෝටි 260ක් වටිනා පුද්ගලික ජෙට් යානයක් තමන් සතුව ඇති බවට පළ වන තොරතුරු අසත්‍ය බව සුපිරි බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් පවසා ඇත. තමන් වාර්ෂිකව චිත්‍රපට බෙහෝමයකට රංගනයෙන් දායක වන නමුදු තමන්ට එවැනි ඉහළ වටිනාකමකින් යුත් පුද්ගලික ජෙට් යානයක් කිසිදා පරිහරණය කරන්නට නොහැකි බව ඔහු පවසයි.
මේ සම්බන්ධව මාධ්‍යය හමුවක්ද පසුගියදා පවත්වනු ලැබු අතර, ආක්ෂේ පවසන්නේ තමන් චිත්‍රපට රූපගත කිරිමකට විදෙස් රටකට පිටත්ව යන අතරේ ජෙට් යානයක් ඉදිරියේ ගත් ඡායාරූපයක් හේතුවෙන් මෙම අසත්‍යය තොරතුරු ප්‍රචාරය වූ බව ඔහු මෙහිදි කරුණු පැහැදිළි කර ඇත.