ඩිෂා පටානි අලුත් පෙමක පැටලිලාද
වසර ගණනාවක් තිස්සේ තම පෙම්වතාව සිටි සිනමා නළු ටයිගර් ෂෙරොෆ් සමගින් තිබු ප්‍රේම සම්බන්ධතාවය නිමා කරන්නට ඩිෂා පටානි මේ වනවිට කටයුතු කර තිබේ. හේතුව කුමක්දැයි නිශ්චිතව සඳහන් නොවුණද මේ වනවිට ඔවුන්ගේ සියලු සම්බන්ධතා නිමා වී ඇති බව දෙදෙනා ප්‍රසිද්ධියේ පවසා තිබේ.
මේ දිනවල ඩිෂා සිය සමාජ පිටු සරසන සෑම ඡායාරූපයකම ඇයට සමිපතව තවත් තරුණයෙකු පෙනි සිටියි. බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වුවද ඩිෂා පවසන්නේ ඒ තමන්ගේ කායවර්ධන පුහුණුකරු ඇලෙක්සැන්ඩර් ඇලෙක්ස් ඉලික්. කාලයක් ඔහු ටයිගර්ගේ මෙන්ම ෂෙරොෆ් පවුලේද හොඳ හිතවතෙකු බවටද පත්ව සිටියහ.