ඩැනියෙල්ගේ අන්තිම ‘බොන්ඩ්’ චිත්‍රපටය වාර්තා අතරට
මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 800කට ආසන්න ආදායමක් උපයා ගනිමින් අති සාර්ථකව ලොවපුරා ප්‍රදර්ශනය වන ‘නෝ ටයිම් ටු ඩයි’ චිත්‍රපටය මේ වනවිට බොක්ස් ඔෆිස් වාර්තා අතරට එකතු වී ඇත.
සුපිරි හොලිවුඩ් සිනමා නළු ඩැනියෙල් කේජ් රංගනයෙන් දායක වන අවසන් ‘බොන්ඩ්’ චිත්‍රපටය මෙය වන අතර, එය මේ වසරේ ඉහළම ආදායමක් උපයගත් ඇමෙරිකානු චිත්‍රපටය බවට පත්ව ඇත. මීට පෙර මෙම වාර්තවට හිමිකම් කියනු ලැබුවේ වින් ඩිසල්ගේ ‘F9’ චිත්‍රපටයයි.