ඩැනියෙල් ක්‍රේජ් වසර දෙකකට හොලිවුඩයෙන් සමුගනියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘නෝ ටයිම් ටූ ඩේ’ තුළින් අවසන් වරට ජේම්ස් බොන්ඩ් චරිතය නිරූපණය කළ ඩැනියෙල් ක්‍රේජ් වසර දෙකක කාලයක් සඳහා හොලිවුඩ් සිනමාවෙන් සමුගත් පුවතක් වාර්තා වෙයි. ඔහු පවසන්නේ තමන්ට චිත්‍රපට රංගනයක් සඳහා ආරාධනා නොලැබුණ හෙයින් වසර දෙකක් රංගනයෙන් තාවකලිව ඉවත්වීමට තමන් තිරණය කළ බවය.

ඔහු පවසන්නේ තමන් අවසන් වරට ‘නෝ ටයිම් ටූ ඩේ’ චිත්‍රපටයෙන් පසුව කිසිදු නිර්මාණයක් සඳහා දායක නොවුණ බවත් ඒ නිසාවෙන් ප්‍රේක්ෂකයින්ට තමන්ව වසර දෙකක කාලයක් තුළ හොලිවුඩ් සිනමාව තුළින් දැක ගැනීමට නොහැකි වනු ඇති බවය. එමෙන්ම ඩැනියෙල් සුපිරි ‘මාවල්’ චරිතයක් හරහා ඉදිරියේදී දැකගත හැකි බවටද ඉඟියක් මෙහිදි ලබාදී ඇත.